හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

දෙසැ 26, 2021

    අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (26) අවසන් ගෞරව දැක්වූවා.

    කොළඹ, පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති හිටපු අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යතුමා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිය ශෝකය පළ කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළමුව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණා.

    එතැන්සිට පූර්ණ කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා, දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසත්, පසුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිස කැබින්ට අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතුකර ඇත. දෙදරු පියෙකු වන ඔහු මිය යන විට 74 වැනි වියෙහි පසුවුණා.

    Obit2 900px 21 19

    Latest News