දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අදත් (26) ක්‍රියාත්මකයි

දෙසැ 26, 2021

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණා.

    දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් චෝදනා කරන්නේ, ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් ලබාදී තිබියදීත් වැඩවර්ජනයේ නිරතවීම අසාධාරණ බවයි. එය දේශපාලන උවමනාවක් මත සිදුවන බවටද ඔවුන් චෝදනා කරනවා. ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයේ නිරතවන්නේ ඉල්ලීම් 24 කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ, අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය හෙට උදෑසන 10.00 දක්වා කල් දැමූ බවයි. දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබාදීමට දුමරිය බලධාරින් කැමැත්ත පළ කර ඇති බවයි, නමුත්, පදනම් විරහිත චෝදනා නගමින් තවදුරටත් වර්ජනයේ නිරතවීම හෙළ දකින බවයි.

    Latest News