මේක මත්කුඩු ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කරන රජයක් නොවෙයි:නලින් බණ්ඩාර

පෙබ 25, 2019

    මත්කුඩු ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කිරීමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කිසිදු ලෙසකින් කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා...
    “මේ වසර තුන තමයි අපේ රටේ මේ මත් උවදුර මර්දනය කරන්න හොඳම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණු කාලය. අද ඒක තීව්‍ර වෙලා තියෙනවා. මං හිතන්නේ අපිට පුලුවන් වෙයි ඉතිරි කෙටි කාලය තුළ මේක විශාල වශයෙන් අඩු කරන්න. අපේ රටේ තරණ පරපුර, ඒ වගේම අපේ රටේ බාල පරපුර මේ තුළින් ගලවා ගන්න පුලුවන් වුනොත් අපි ලබන ලොකුම ජයග්‍රහණයක් රජයක් වශයෙන්.

    ඒ නිසා එහි ගෞරවය ජනාධිපතිතුමාගේ සිට අගමැතිතුමා, සමස්ත රජයට මෙන්ම මේ වැඩපිළිවෙළ කරන ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ට හිමිවිය යුතුයි. මේ රජය මත්කුඩු ව්‍යාපාරිකයෝ රැකපු රජයක් නොවෙයි. මත්කුඩු සම්බන්ධව දේශපාලඥයෝ කටයුතු කරපු රජයක් නොවෙයි. ඒ වගේම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මත්කුඩු ව්‍යාපාරිකයන්ව රකිනවා කියලා අපි අහලා නැහැ. 2015 සිට ඇරඹි මේ වෙනසේ අග්‍රඵලය තමයි අපි මේ විඳිමින් ඉන්නේ“. යැයි නලීන් බණ්ඩාර මහතා පැවසීය.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 19:05

    Latest News