මීරිගම-කුරුණෑගල කොටස ලබන 15 ජනතා අයිතියට....(වීඩි‍යෝ)

දෙසැ 30, 2021
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    එහි දුර කිලෝමීටර් 40.91 ක්. පාරිසරික සහ සමාජීය බලපෑම් අවමවන පරිදි මෙය සැලසුම් කෙරුණා. නාගරික ප්‍රදේශ මගහරිමින් මුඩු ඉඩම් හරහා මෙම කොටස නිර්මාණය කිරීම විශේෂත්වයක්. මංතීරු 4ක් යටතේ එය ඉදිකෙරුණු අතර මෙම මාර්ගය මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිකෙරුණු අලංකාරාත්මක කොටස ලෙසයි සැලකෙන්නේ.

    දේශීය අරමුදල් යොදා දේශීය කොන්ත්‍රාත්කරුවන් මාර්ගය ඉදිකිරීම විශේෂත්වයක්. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල, යග්ගපිටිය යන ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුලු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ක් ඉදිකර තිබෙනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා වූ ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් බිලියන 137 ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 19:39

    Latest News