ඉදිරි දින කිහිපයේ ගෑස් සිලින්ඩර 180,000 ක් වෙළෙඳපොළට

දෙසැ 30, 2021

    ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය හා බෙදාහැරීම වේගවත් කිරීම සඳහා මේවන විට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, ලිට්රෝ ගෑස් සමාගම පවසා ඇත.

    ඉදිරි දින කිහිපය ඇතුළත ගෑස් සිලින්ඩර 180,000 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. කෙසේ වුවද, මෙතෙක් ජනතාවගේ දෛනික ගෑස් අවශ්‍යතාව සපුරාලීමට අදාළ සමාගමට හැකිවී නැහැ. දෛනික පිරවීම් හා බෙදාහැරීම් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක බවයි ලිට්රෝ සමාගම පවසන්නේ. ඒ අනුව ඉදිරියේදී, ප්‍රමාදයකින් තොරව වෙළඳපොලට ගෑස් සැපයීම සිදුකළ හැකි බවයි, සමාගම ප්‍රකාශ කලේ.

    එල් පී ගෑස් පිරවුම් සඳහා අදාල ස්ථානවලට යොමු කෙරෙන සිලින්ඩර විධිමත් පරිදි පරික්ෂාවට යොමුකරන බවයි, සමාගම පවසන්නේ. සිලින්ඩර නඩත්තු කිරීමේ කටයුතු සඳහා යොමු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට ක්‍රියා කෙරෙන අතර නිෂ්පාදනය වේගවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමටත්, සේවා තත්වයන් වැඩිදියුණු කිරීමටත්, සමාගම සියලු විධිවිධාන සලසා අති බවට ඔවුන් පවසනවා. 

     

     

    Latest News