මලියදේව බාලිකා ගොඩනැගිල්ල සිසු අයිතියට....

ජන 06, 2022

    අභියෝග හමුවේ වුවද රජය කැපවන්නේ සුරක්ෂිත දියුණු රටක් නිර්මාණ්‍ය කිරීම සඳහා බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    ඒ, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවයට අද (06) පෙරවරුවේ එක්වෙමින්.  මලියදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දැරියන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත්තා.

    සංකේතවත් ලෙස තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි. මලියදේව බාලිකාවට වසර 75 ක් පිරීම නිමිත්තෙන්, රුපියල් 25 ක් වටිනා මුල්දින කවරයක් සහිත විශේෂ සමරු මුද්දරයක්ද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කෙරුණා.

    01 PM2 900px 22 02 06

    මේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජනවාරි 2022 19:01

    Latest News