වවුල් අපද්‍රව්‍ය යොදා කාබනික පොහොර නිෂ්පාදනයට...(වීඩියෝ)

ජන 06, 2022
  • ගිනිගත්හේන ලක්‍ෂපාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු වවුල් අපද්‍රව්‍ය යොදා කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත වනවා.

    එමගින් සාර්ථක එළවළු වගාවක් ද ඔවුන් පවත්වා ගෙන යනවා. ප්‍රදේශයේ උමං හා ගල් ගුහාවල විශාල ලෙස වවුලන් ජීවත්වනවා. පොහොර සඳහා යොදා ගන්නේ ඒවායේ ඇති වවුල් අපද්‍රව්‍යයි. දෛනිකව එක්රැස් කරන අපද්‍රව්‍ය දැඩි පරිශ්‍රමයක් දරා රැගෙන එනු ලබනවා. මෙම වවුල් පොහොරවල ශාකයක වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් පවතින බවයි, එම තරුණයින් පවසන්නේ. දැනට ඔවුන් සතුව පොහොර කිලෝ 20,000ත්, 30,000ත් අතර ප්‍රමාණයක් පවතිනවා. මේ එම පොහොර යොදා ඔවුන් කළ සාර්ථක වගාවයි.....

    Latest News