පොදු රාජ්‍ය මණ්ඩලයීය යෂ්ටිය අගමැතිට...

ජන 06, 2022

    මෙවර එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට පූර්වගාමීව ලොව පුරා රටවල් 72කට රැගෙන යන රැජිනගේ පණිවිඩය සහිත යෂ්ටිය ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දි අග්‍රාමාත්‍යතුමන් විසින් හරසරින් පිළිගන්නා ලදි.   

    25 වැනි ගමනාන්තය ලෙස පසුගිය 03 වැනිදා මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ මෙම යෂ්ටිය දින 03ක් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු මෙලෙස අරලියගහ මැදුරට ඊයේ (05) රැගෙන ආවේ ය. තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම යෂ්ටිය පිළිගැනීම සහ ප්‍රදර්ශනය කිරීමේ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත භාර කර තිබිණි.

    PM2 900px 22 02 06

    ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ජුලි 28 වැනිදා බර්මින්හැම් නුවර ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ නිල සංකේත හා යෂ්ටිය මගින් නිරූපිත අදහස් එහි දී පැහැදිලි කරණ ලදි. අනතුරුව, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත යෂ්ටිය පිළිගැන්වීය.  “2022 Queen’s Baton Relay” (QBR) ලෙස හැඳින්වෙන මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වැනිදා යි.  ශ්‍රී ලංකාවේ සිට මෙම යෂ්ටිය අද (06) බංග්ලාදේශය දක්වා රැගෙන යාමට නියමිත යි.

    PM3 900px 22 02 06

    මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම් ඩබ්.එම්.ටී.ඩී. වික්‍රමසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ කමිටු සාමාජික යස්වන්ත් මුත්තෙට්ටුවේගම, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ජාතික ඔලිම්පික් කමිටුවේ චන්දන ලියනගේ, නිලූ ප්‍රනාන්දු, ගාමිණි ජයසිංහ, බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජනවාරි 2022 18:59

    Latest News