මත්ද්‍රව්‍ය සමග 18 ක් අත්අඩංගුවට

ජන 09, 2022

    සති අන්තයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.

    මේ අතර,  ශ්‍රී පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 18 දෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා.  හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන්, බස් රථ වලින් සහ පෞද්ගලික වාහනවලින් මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා සහ හැටන් දුම්රිය ස්ථානයට දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හදිසියේ සිදු කල පරික්ෂාවකදි  මෙම අත්අඩංගුවට ගැණීම් සිදුකර ඇත. 

    ත්අඩංගුවට ගත් තරුණයන් 18 දෙනා ගංජා සන්තකයේ තබාගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ඇති බවයි, මෙහෙයුම සිදු කල හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.  සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ "ස්ටුවට්" සුනඛයාගේද සහයෝගය ලබාගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අනුරාධපුර, පානදුර, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් හැටන් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    Last modified on ඉරිදා, 09 ජනවාරි 2022 11:47

    Latest News