කොත්මලේ-මොරගොල්ල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින්....(වීඩියෝ)

ජන 09, 2022
  • කොත්මලේ මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර තිබෙනවා.

    මෙය, මහවැලි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වන අවසන් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියයි. මොරගොල්ල ජල විදිලු බලාගාරයෙන් මෙගා වොට් 30.5ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

    මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ, 2021 වසරේ ජනවාරි මාසයේයි. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 135ක්. මහවැලි ගඟ හරස් කර ඉදිකරනු ලබන මීටර් 237ක් දිගින් හා මීටර 37ක උසින් වේල්ල මගින් හෙක්ටයාර් 38.5ක ජලාශයක් ඉදිකිරීමට නියමිතයි. එම ජලය කිලෝ මීටර 2.7ක උමඟක් හරහා ජනන යන්ත්‍ර වෙත ගෙන ඒමටයි, සැලසුම් කර තිබෙන්නේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා නිරීක්‍ෂණය කළා. අමාත්‍යවරයා කියා සිටියේ, 2023 වසර අවසන් වනවිට ව්‍යාපෘතිය නිම කරන බවයි.

    Last modified on ඉරිදා, 09 ජනවාරි 2022 13:08

    Latest News