කුලියාපිටිය කොහු කම්හලක් ගිනිබත් වෙයි (විඩියෝ)

පෙබ 27, 2019
  • කුලියාපිටිය, කරගහගෙදර ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක කොහු පිරවූ ගොඩනැගිල්ලක අද (27) හටගත් ගින්නකින් එය සම්පුර්ණයෙන්ම දැවි ගොස් තිබේ. ගින්න හට ගැනුණේ උදෑසන 10.00ට පමණ.

    එම ගොඩනැගිල්ල ඇතුළත තිබූ විශාල ප‍්‍රමාණයේ ලොරි රථ දෙකක් ද ගින්නෙන් විනාශ වී තිබේ.  

    උදෑසන තේ විවේකයේදී සේවකයින් සියලූම දෙනා ආපන ශාලාවේ තේ පැන් පානය කරමින් සිටිය දී හදිසියේ ඇතිවූ ගින්නත් සමඟ කර්මාන්ත ශාලාවේ සවිකොට තිබූ සයිරන් නලා නාද වූ තිබේ. 

    ගින්නෙන් කිසිවෙකුට බරපතල හානි සිදු නොවූවද, සුලු තුවාල ලැබූවන් හා අධික උණුසුම දරාගත නොහැකිව ආසාද්මික තාවයන්ට ගොදුරුවූවන් කිහිපදෙනෙකු කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරිණ. 

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් ගුවනේ සිට ගින්න නිවා දැමීමට ජලය මුදා හැරිණ. ඊට අමතරව කුරුණෑගල හා හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ, ගින්න අනෙක් ගොඩනැගිළිවලට පැතිරයාම වැළැක්වීමට කටයුතු කළේය. ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

    Hailys 03

    Hailys 01

    Hailys 04

    Haylis Fire 01

    Haylis Fire 02

    Haylis Fire 03

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 16:52

    Latest News