අගමැති දළදා සමිදුන් වැඳපුදා ගනී (විඩියෝ)

ඔක් 28, 2018
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අද මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යතුමා මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව, මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණියේ අස්ගිරි මහ විහාරයටයි. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනාහිමියන් අභිනව අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද කළේය.

     

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 13:41

    Latest News