“පාර්ලිමේන්තු සාර සංහිතා“ ශාස්ත්‍රීය සංග්‍රහය අගමැතිතුමාට....

පෙබ 11, 2022

    "පාර්ලිමේන්තු සාර සංහිතා" ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් අද (11) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගන්වනු ලැබුවා.

    ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා ආදී ක්ෂේත්‍ර ගණනාවක් අලළා විද්වතුන් සම්පාදිත ලිපි මාලාවක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත ය.
    පසුගිය 08 වැනි දා එළි දක්වන ලද "පාර්ලිමේන්තු සාර සංහිතා" ශාස්ත්‍රීය සංග්‍රහය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. එම ග්‍රන්ථය පුස්තකාල සහ අවශ්‍ය පාර්ශ්ව වෙත ලබාදීම ද එහි තෙවන වෙළුම සඳහා ලිපි කැඳවීම ද මේ වන විටත් ආරම්භ කර තිබේ.

    Last modified on සිකුරාදා, 11 පෙබරවාරි 2022 19:05

    Latest News