ජනපති ආර්යා අයෝමා රාජපක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

මාර් 09, 2022

    ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් වූ පද්මා දේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

    ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි. මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මිය 89 වැනි වියේ පසුවිය.
    ලුකස් පීරිස් මහතා සමඟ විවාහ වූ පද්මා දේවි පීරිස් මහත්මිය අයෝමා රාජපක්ෂ, සමන්ත පීරිස් යන දරු දෙදෙනාගේ ආදරණීය මැණියන් වෙයි. 

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ද ෂෙරිල් පීරිස්ගේ ආදරණීය නැන්දණිය වෙයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි, පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Latest News