ඒ අනූව A,B,C,D,E,F,G,H,I,J,K සහ L යන කලාප පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුල පැය 2යි මිනිත්තු 30ක කාලයක් ද සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැයකුත් මිනිත්තු 15ක කාලයකුත් විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතයි.
P,Q,R,S,T,U,V සහ W යන කලාප සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුලදී පැය 02ක් සහ සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුලදී පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇත.
මේ අතර, අත්‍යවශ්‍ය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.
ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර විදුලිබල අමාත්‍යාංශය යටතේ එය ක්‍රියාත්මක කළයුතු බවටත් ඊයේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරිය දැනුම් දුන්නාය.
විදුලිය විසන්ධි කෙරෙන කලාප පිළිබඳ තොරතුරු දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න...