සමූහ දූෂණයට ලක් වී ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා ඇතැම් රටවල් දැනටමත් නීතිමය අවසරය දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සමූහ දූෂණයට හෝ දූෂණයට ලක්ව දැරියන්ට හෝ කාන්තාවන්ට උපදින දරුවන් යම් යම් කොන්දේසිවලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවක් ඇති විය යුතු අතරම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.