රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ ඉන්ධන දීමනාව අත්හිටුවයි

මාර් 09, 2022

    රාජ්‍ය නිලධාරීන්ට මාසිකව දෙන විශේෂ ඉන්ධන දීමනා සම්පූර්ණයෙන් නවතා දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (08) නිකුත් කළේය.

    අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමි ඉන්ධන ලීටර 225ට අමතරව විශේෂ රාජකාරි සඳහා ගෙවනු ලබන විශේෂ ඉන්ධන දීමනා මේ අනුව නවතා දැමීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසන්නේ.

    ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබී තීරණයකට අනුව මේ පියවර ගෙන ඇත්තේ.

    රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් තාවකාලිකව මේ පියවර ගෙන ඇති බවත්, ඈත පළාත්වල පවතින සාකච්ඡා හැකි තරම් සූම් තාක්ෂණය මඟින් සිදු කිරීමට උපදෙස් දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    Latest News