විදුලි කප්පාදු කරන වේලාවේ වෙනසක්

මාර් 10, 2022

    අද (10) දිනයේ ද කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L කලාප සඳහා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.

    එම කලාපවල සවස් කාලයේ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

    ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල සඳහා පස්වරු 5.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 මාර්තු 2022 12:11

    Latest News