ඒ, කර්මාන්ත ශාලාවට දෛනිකව ලැබෙන උක් ප්රමාණවත් නොවීම සහ සීනි නිෂ්පාදනය අඩුවීම වලක්වා ගැනීමේ අරමුණින්. මීට සති කිහිපයකට පෙර උක් ගොවීන් උක් නෙළීම නතරකර සත්යග්රහයක නිරත වුණා. ඒ නිසා ආයතනයට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 1,000 කට ආසන්නයි. උක් කැපීම සිදුකරණ පුද්ගලයින් වෙනත් රැකියා සඳහා යොමුවීමෙන් උක් කැපුම් කරුවන්ගේ හිඟයක් ද පවතිනවා.
මේ නිසා ඇඹරීම සඳහා දිනකට ලැබෙන උක් ටොන් ප්රමාණය අඩුවූ බවයි, කර්මාන්ත ශාලාවේ නිලධාරින් පවසන්නේ. පවතින හිඟය මගහරවා ගැනීඹට විකල්පයක් ලෙසයි සේවකයින් සහ නිලධාරින් එක්ව මෙලෙස උක් නෙලීම ආරම්භ කර තිබෙන්නේ.