විදුලිය කැපෙන කාලය අඩු කෙරේ

අප්‍රේ 03, 2022

    නියමිත ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින්, විදුලිය කපන කාලය අවම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ අනුව අද (03) දිවයින පුරා සිදු කෙරෙන විදුලිය කැපීම පැය 1යි විනාඩි 40කට සීමාකර තිබෙනවා. විදුලිය කැපීම සිදුවන කාලය ඉහළයාම හේතුවෙන් ජනතාව දෛනික ජිවිතයේ මුහුණ පා ඇති ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අගමැතිතුමා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. A,B.C,D,P,Q,R කලාපවල පස්වරු 5.30 සිට රාත්‍රී 7.10 දක්වාත් E,F,G,H,S,T,U කලාපවලට රාත්‍රී 7.10 සිට රාත්‍රී 8.50 දක්වාත් I,J,K,L,V,W කලාපවලට රාත්‍රී 8.50 සිට රාත්‍රී 10.30 දක්වාත්, විදුලිය කැපීමට නියමිතයි. මේ වනවිට විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලැබෙමින් පවතින නිසා ඉදිරි දින කිහිපයේදී ද විදුලිය කැපීම සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට හැකිවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

    Latest News