ඇඳිරි නීතිය කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මකයි...(වීඩියෝ)

අප්‍රේ 03, 2022
  • ඇඳිරි නීතිය කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලිසිය පවසනවා.

    දිවයිනේ සෑම ප්‍රදේශයකම ආරක්‍ෂාව ද තර කර ඇති බවයි ඔවුන් පවසන්නේ. ඊයේ පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණා. එය අවසන් වන්නේ හෙට (04) උදේ 6.00 ටයි. ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ, මහජන ආරක්‍ෂක ආඥා පනතේ විධිවිධින යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

    ඇඳිරි නීතිය බල පවත්නා කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල සේවය කරන සාමාජිකයින්ට ආයතනික හැඳුනුම්පත හෝ පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් ඉදිරිපත් කොට සේවයට වාර්තා කළ හැකියි. ගුවන් තොටුපලට යන-එන මගීන්ට ගුවන් ටිකට්පත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. රාජ්‍ය තාන්ත්‍රික විදේශීය දූත මණ්ඩලවල සේවය කරන සාමාජිකයින්ට ද ඔවුන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කර ගමන් කළ හැකියි.....

    Last modified on ඉරිදා, 03 අප්‍රේල් 2022 16:48

    Latest News