විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසළකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි.
2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් භාගත කිරීමට ද පහසුකම් සළසා ඇතැයි, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ, ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණ යම් අයඳුම්කරුවෙක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK වෙත පිවිස, එහි මුල් පිටුවේ, අපගේ සේවා යටතේ ඇති අපොස සාමාන්‍ය පෙළ 2021 විභාග ප්‍රවේශ පත්‍ර භාගත කිරීම වෙතින් නිවැරදි ජාතික හැඳුනුම්පත් හෝ විභාගය අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් භාගත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.