විධායක ජනපති ක්‍රමය අහෝසියට මහින්ද එකඟයි (වීඩියෝ)

මාර් 09, 2019

    මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ බව පැවසී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ බණ්ඩාරවෙල පැවති ජනතා විමුක්ති පෙරමුණ ආසන බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

    20 වැනි සංශෝධනය සම්බන්ධව පසුගිය දා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සකච්ඡාවක් පැවති අතර ඒ අවස්ථාවේ මේ අදහස් පළ කළ බව විජිත
    හේරත් මහතා පවසයි.

    20 වැනි සංශෝධනයටම එකඟ නොවන අතර ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපති ධූරය වෙනස් විය යුතු බව ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයා පවසා ඇත. තවද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටද පසුගිය රජය සමයේ සූදානම්ව සිටි බවද පවසා තිබේ.

    විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින් සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන නැවත සාකච්ඡා කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පවසු වේ යැයි විජිත හේරත් මහතා පවසයි.

    මහින්ද රජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රි ලංකාවේ විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබිමෙන් පසු තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව ආණ්ඩු බලය මෙහෙයවනු ලැබිණ. මෙම කාල සීමාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝනය ගෙන එමින් දෙවරකට සීමාව තිබූ විධායක ජනාධිපති ධූර කාලය වෙනස් කරණු ලැබිණ.

    Latest News