ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, මැතිවරණයකින් නව ආණ්ඩුවක් පත් කළ යුතුයි...(වීඩියෝ)

ජූනි 13, 2022
  • වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා.

    එහි නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ පිළිබඳ අදහස් පළ කළා. සමුළුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ, මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී. “බිඳ වැටුණු මව්බිම ගොඩනඟන විසඳුම“ මැයෙන් එය සංවිධාන කර තිබුණා.

    Latest News