ගෑස් බෙදාහැරීම අද සිට යළිත්...(වීඩියෝ)

ජූනි 15, 2022
  • ගෑස් බෙදාහැරීම අද සිට යළි ආරම්භ කළ බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

    ඒ දින 11කට පසුවයි. ඒවා ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රථමයෙන් ලබාදීමට සැලසුම් කර ඇතැයි, සමාගම කියා සිටියා. පවතින අර්බුදකාරී තත්වය හමුවේ ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව, ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුවයි.

    Latest News