රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කිරීම අද සිට

ජූනි 20, 2022

    සති දෙකක කාලයක් රාජ්‍ය සේවයේ නිරත වන අය වෙත නිවසේ සිට වැඩ කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය අද සිට ක්‍රියාත්මකයි.

    රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මේ සඳහා රජයේ අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන සේවකයින් අදාළ නොවන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

    මේ අතර කොළඹ අධ්‍යාපන කලාපයේ සහ ප්‍රධාන නගරවල පාසල් අද සිට සතියක කාලයක් වසා දැමෙන අතර එම කාලය තුළ online ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නියමිතයි.

    කෙසේ වෙතත් ග්‍රාමීය පාසල් විදුහල්පතිවරයාගේ තීරණය මත පැවැත්විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Screenshot 2022 06 17 231732

    Screenshot 2022 06 17 231746

    Latest News