“නෝඩීල්ගම” උපවාසය දෙවන දිනටත් ක්‍රියාත්මකයි...(වීඩියෝ)

ජූලි 16, 2022
  • අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” උපවාසය දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි.

    ඔවුන් අරලියගහ මන්දිර පරිශ්‍රයෙන් ඉවත් වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා උපවාසය ආරම්භ කරනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වෙන අරගලය තවදුරටත් ක්‍රියාත්මකයි. රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවයි අරගලකරුවන් ප්‍රකාශ කළේ. ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වීම සම්බන්ධයෙන් ඔවුන් තම ප්‍රතිචාරය පළ කළා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එහිදි අදහස් දැක්වූවා.

    Latest News