අද (17) රාත්‍රී 10.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහළට...

ජූලි 17, 2022

    අද රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඛනිජ තෙල් මිල පහත දමා තිබෙනවා.

    ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 450ක්. ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 04 ලීටරයක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 540ක්.
    ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 20කින් පහත දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 440 ක්. ලංකා සුපිරි ඩීසල් ෆෝ ස්ටාර් යුරෝ 04 ලීටරයක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 510ක්.

    ලබන 21 වන දින සිට ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් අඛණ්ඩව පාරිභෝගික ජනතාවට නිකුත් කිරීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. එබැවින් ඉන්ධන පිරවුම්හල් අසල රැස්ව නොසිටින ලෙසත්, මාර්ග දෙපස වාහන පෝලිම් කර තැබීමෙන් වලකින ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News