QR ක්‍රමය ක්‍රියාත්මක වන තෙක් ඉන්ධන ලබාදෙන්නේ මෙහෙමයි

ජූලි 20, 2022

    ඉදිරි සතියේදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

    ඒ අනුව යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 1,500ක්ද, ත්‍රීරෝද රථයක් සඳහා උපරිම රුපියල් 2,000ක්ද, අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිමයක් යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇත.

    මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News