ඒ අනුව ඒකක 30 ක් සඳහා අය කෙරෙන විදුලි ගාස්තුව රුපියල් 198 ක් දක්වා සියයට 264 ක අගයකින් වැඩිවෙයි. ඒකක 31 ත් 60 ත් අතර විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල රුපියල් 599 ක් දක්වා වැඩිවන අතර එය ප්රතිශතයක් ලෙස සියයට 211 ක් වෙයි.
ඒකක 61 සිට 90 දක්වා විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල රුපියල් 1,461 ක් දක්වා වැඩිවනවා. එය ප්රතිශතයක් ලෙස සියයට 125 ක වැඩිවීමක්. ඒකක 91 සිට 120 දක්වා වන විදුලි බිල්පත් රුපියල් 2,976 ක් දක්වා සියයට 89 කින් වැඩිවන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒකක 121 සිට 180 දක්වා මාසික විදුලි බිල්පත් රුපියල් 5,005 ක් දක්වා වැඩිවන අතර එය ප්රතිශතයක් ලෙස සියයට 79 ක්.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ, මෙම ගාස්තු සංශෝධනයත් සමඟ ලබන ජනවාරි මාසය දක්වා විදුලි කප්පාදුව පැයක පමණ අවම කාලයකින් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.