ආමේනියා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ශක්තිමත් කෙරේ...

අගෝ 23, 2022

    ආමේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව, දෙරට ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තවදුරටත් ශක්තිමත් කරගැනීමට කැපවන බවට, ආමේනියා ජනාධිපති වහග්න් ඛචතුරින් මහතා සහතික වනවා.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින්. ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට, සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන ආමේනියා ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගැයීමට ලක්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට යහපත් සෞඛ්‍ය, සාර්ථකත්වය සහ සාමය ප්‍රාර්ථනා කරන බව, ආමේනියානු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News