ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය ඇරඹේ...

සැප් 03, 2022

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය අද (03) ආරම්භ කෙරුණා.

    ඒ, ‍හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දිවයින පුරා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නියෝජිතයින් මීට සහභාගී වුණා. ප්‍රාදේශීය, පළාත් සහ මධ්‍යම ආණ්ඩුව සඳහා සුදුසුකම් ලත් සදාචාර සම්පන්න, ජනතා අභිලාෂයන් අ‍වබෝධකර ගත හැකි සහ ඉටු කිරීමට හැකි මහජන නියෝජිතයින් බිහි කිරීම, මෙම ඇකඩමියේ අරමුණයි. එතුළින් ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමට හැකි බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශ්වාසයයි. පක්ෂයේ නායකයින්ගේ අත්දැකීම් හුවමාරුක කර ගැනීම හා ඔවුන් සතු දැනුම තරුණ පරපුරට ලබා දීම ඇකඩමිය පිහිටුවීමේ තවත් අරමුණක්.

    Latest News