ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි...

සැප් 04, 2022

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගන්නා බවත්, ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන්ව පවතින බවත්, කාලගුණ නිවේදනයේ සඳහන්.

    Latest News