ගොර්බචොව් මහතාගේ අභාවය ගැන ජනාධිපතිතුමාගේ සංවේගය...

සැප් 04, 2022

    සෝවියට් සංගමයේ හිටපු නායක මිහයිල් ගොර්බචොව් මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍සිය බලවත් සංවේගය පළ කර තිබෙනවා.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා සිය කණගාටුව පළ කළා. ලෝක සබඳතාවයන් හි නව යුගයක් සඳහා මං විවර කිරීමට මෙන්ම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට අනෙකුත් ජාතීන් සමග ක්‍රමයෙන් ඉදිරියට රැගෙන එනු ලැබූ හවුල්කාරීත්වය වෙනුවෙන් කැපවූ අග්‍රගන්‍ය ලෝක නායකයෙකු ලෙස මිහයිල් ගොර්බචොව් මහතා සැලකෙනවා. ශෝකයට පත් ගොර්බචොව් පවුල සහ රුසියානු ජනතාව සමග ශ්‍රී ලංකා රජය සහ ජනතාව අත්වැල් බැඳගෙන සිටින බව, වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩයේ සඳහන්.

    Latest News