තෝරාගත් ‍ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය...

සැප් 07, 2022

    තෝරාගත් ‍ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. 

    ඒ අනුව, තෝරාගත් රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයකට ඉන්ධන ලබාදීම මේ සතිය තුළ සිදු කෙරෙනු ඇති.  මේ බව පිළිබඳ සාකච්ඡා කර ඇත්තේ, QR ක්‍රමය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී.  ඒ අනුව, ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව විෂය බාර අමාත්‍ය කංචන විජෙ‍සේකර මහතා තැබූ ට්විටර් සටහනක මේ තොරතුරු දැක්වෙනවා.  සංචාරක, ඉන්ධන අවසරපත සහ රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා කේතය එළඹෙන සතියේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  ඉදිරියේදී ඉන්ධන ලබාගත් පිරවුම්හල පිළිබඳවද QR කේතයට ඇතුළත් කිරීමට අපේක්ෂිතයි.

    Latest News