“කෘතෝපහාර පැන් පූජාව“ හෙට

මාර් 15, 2019

    සමනල කන්දෙන් ගලාබසින සිව් මහා ගංඟා ජලයට කෘතගුණ දැක්වීමේ “කෘතෝපහාර පැන් පූජාව“ හෙට පැවැත්වේ.

    රට සශ්‍රීක කරන මෙම ගංඟාවලට කෘතගුණ දැක්වීමක් සිදු කෙරෙන පළමු අවස්ථාව මෙයවේ. පිංකම සංවිධාන කරන්නේ ජාතික රූපවාහිනියයි.

    කැලණි ගඟෙන් ජලය ලබා ගන්නේ, කැලණිය ප්‍රදේශයේ දී. මහවැලි ගඟේ ජලය ත්‍රිකුණාමලයෙන් ලබාගන්නා අතර, කළු ගඟේ ජලය ලබාගන්නේ කළුතරදී. වලවේ ගඟේ ජලය අම්බලන්තොට ප්‍රදේශයේදී රැස්කර ගැනේ.

    එම ජලය හෙට සවස කැලණිය පුදබිමට රැගෙන ඒමට නියමිතයි. එහිදී සිදු කෙරෙන ආශීර්වාදාත්මක පූජාවෙන් පසු ශ්‍රී පාදස්ථානයේ පැන් පූජාව සිදු කෙරේ. 

    ඒ, ලබන 20 වැනි දිට යෙදී ඇති මැදින් පුර පසලොස්වක පොහෝ දින සවස 4.00ට පැවැත්වෙන නානුමුර මංගල්‍යයේදී.

    Latest News