බදුල්ල භූකම්පන‍යෙන් ජනතාවත් හෙල්ලෙයි

මාර් 16, 2019

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද උදෑසන හටගත් භූකම්පනය රිට්ටර් මාපකයේ 3.55 පමණ වු බව භූවිද්‍යා පර්යේෂණ හා පතල් කාර්යංශයේ, දත්ත හා සුනාමි අනතුරු ඇඟවිම් මධ්‍යස්ථානය පවසයි.

    එය පොලොවේ කිලෝ මීටර් 10 පමණ ගැඹුරේ හටගත්තක් බව කම්පන දත්ත අනුව වාර්තාවේ. එය දේෂාංශ 81.11 ත් අක්ෂාංශ 6.97 කලාපයේ හටගෙන තිබේ. මෙම භූකම්නය අද උදෑසන අට පසුවි විනාඩි දහතයි තත්පර එකොලාහට සිදුවු බව දත්ත ලෙස සටහන්ව ඇත.

    මෙම කම්පනය ඇති වු අවස්තවේ විශාල ශබ්දයක් ඇසුනු බව භූචලනය සිදුවු ප්‍රදේශවල ජනතාව පවසති. තත්පර 04 ක පමණ කාලයක් පොලොවේ දෙදරුම් කෑම ඇතිවු බවයි ඔවුන් පවසන්නේ.

    earthtramer1 px 900 19 03 1

    බදුල්ලට සුළු භූ කම්පනයක් (10.40)

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8.17 ට පමණ භූ චලනයක් හටගෙන තිබේ.බදුල්ල, හාලිඇල, පස්සර සහ වැලිමඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකට මෙම සුළු භූකම්පන තත්ත්වය බලපෑ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

    තත්පර 4 ක පමණ කාලයක් මෙම චලනය පැවැති බව ප්‍රදේශවාසින් පවසයි. සිද්ධියෙන් ජිවිත හෝ දේපල හානි පිළිබඳව මේ වන විට කිසිවක් වාර්තාවි නැතැයි අප වාර්තාකරු පවසයි.

    Last modified on සෙනසුරාදා, 16 මාර්තු 2019 13:52

    Latest News