ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ, ලෝක බැංකුවේ ඇගයීමට...

ඔක් 04, 2022

    ආර්ථිකය යළි ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව, ලෝක බැංකුව පවසනවා.

    එහි මෙරට අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සෙර්වෝස් මහතා මේ බව කියා සිටියේ, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකදී.  බිඳවැටුණු ආර්ථිකය යථාවත් කිරීමට රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි, ඔහු කියා සිටියේ. ලෝක බැංකුව එම තත්වයන් සමීපව නිරීක්ෂණය කරනවා. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News