ලොව ‍පැරණිතම රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව, මෙරටින් හදුනාගැනේ...

ඔක් 04, 2022

    ලොව ‍පුරාණතම රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව, මෙරටින් හදුනා ගෙන තිබෙනවා.  

    අදට (04) යෙදී ඇති මහචාර්ය සෙනරත් පරණවිතාන 50 වැනි ගුණ සැමරුමට සමගාමීව, එය ප්‍රදර්ශනය කෙරුණා.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද මෙම උත්සවය පැවැත්වුණේ, අමාත්‍ය විදුර වික්‍රමනායක, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. ප්‍රථමය ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් 1940 වසරේ ඔක්තෝබර් මස පළමු වැනි දින සිය සේවය ආරම්භ කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, 1956 දක්වා සිය මෙහෙවර ඉටු කළා. සීගිරියේ ‍ප්‍රෞඨ ඉතිහාසය වර්තමාන ලෝකයට ඉස්මතුකර දීමේ ගෞරවය හිමි වන්නේ ද එතුමාටයි.  සෙනෙරත් පරණවිතාන 50 වැනි ගුණසැමරුමට සමගාමීව,සංවිධාන කෙරුණු, පාසල් චිත්‍ර හා ඡායාරූප  තරගාවලියේ  ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.  මාර්ගගත ක්‍රමය ඔස්සේ ග්‍රන්ථ කිහිපයක්ද එළිදක්වනු ලැබුවා.     

    Latest News