පූජනීය ස්ථානවල විදුලි බිල පෙර පැවති ක්‍රමයටම...

ඔක් 08, 2022

    පූජනීය ස්ථාන සඳහා වූ විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කර එම විදුලි බිල හරි අඩකට වඩා අඩු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

    එහි සභාපති ජනක රත්නායක මහතා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් අද බැහැ දැකිමට ගොස් මේ පිළිබඳව දැනුවත් කළා. ජනක රත්නායක මහතා ප්‍රථමයෙන් මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවා. ඔහු උන්වහන්සේ හමුවේ කියා සිටියේ,පුජනීය ස්ථානවල විදුලිබිල ඉකුත් අගෝස්තු මස 8 වැනි වැනි දින සිට පරණ පැවති, බිල් හා සමානව අය කිරීමට පියවර ගෙන ඇති බවයි.  අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ද බැහැදැක මේ පිළිබඳව දැනුවත් කෙරුණා. මේ අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

    Last modified on සෙනසුරාදා, 08 ඔක්තෝබර් 2022 18:17

    Latest News