කරවල මිල පහලට....

ඔක් 16, 2022

    කරවල මිල සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයකින් පහල ගොස් ඇති බව, කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    කරවල මිල තවදුරටත් පහල යමින් තිබෙන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.   හාල්මැස්සන්, කට්ට කරවල, බල, කීරමින් ඇතුළු කරවල වර්ග රැසක මිල මෙලෙස පහල ගොස් තිබෙනවා.  පසුගිය කාලයේ  මිල ඉහළ යාමට හේතුවූ ගැටලු බොහොමයක් නිරාකරණය වී ඇති බවයි,  කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.  කරවල මිල තවදුරටත් පහල යනු ඇති බවයි, ඔවුන් ප්‍රකාශ කළේ. 

    Latest News