ඖෂධ නිෂ්පාදනය, දේශීය වශයෙන් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය...

ඔක් 19, 2022

    ඖෂධ නිෂ්පාදනය කිරීම දේශීය වශයෙන් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    ඒ සඳහා විදෙස් ආයෝජකයන්ට ද අවස්ථාව ලැබී තිබෙනවා.  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චුන්ජින් ‍ජියෝන් මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ මේ බව අනාවරණය කෙරුණා. කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තාක්ෂණික දැනුමක් සහිත කොරියානු රාජ්‍යයෙහි ආයෝජකයන්ට ද ඖෂධ නිෂ්පාදනයට එක් වීමට හැකියි. දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා මේ වන විට ඉලක්ක ගත වැඩ පිළි‍වෙළක් ක්‍රියාත්මකයි.

    ඒ අනුව, ඉදිරි වසර කිහිපයේදී එම වැඩපිළිවෙළට ප්‍රමුඛතාවය ලබා දෙමින් දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ඉහළ නංවන බව, සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එමගින් එක් එක් වකවානුවන්හි රටේ ඇති වන ‍ඖෂධ හිඟයන් සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.     

    Latest News