අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදන වැඩි කිරීමට පියවර...

ඔක් 19, 2022

    අලිමංකඩ - ලුණු ලේවායේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට රජය පියවර  ගන්නා බව, වැවිලි කර්මාන්ත  හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

    එහි ප්‍රතිලාභ උතුරේ ජනතාවට හා සමස්ත ආර්ථිකයට අත්කර දීම අරමුණයි.  ජාතික ලුණු සමාගම යටතේ පවතින අලිමංකඩ ලුණු ලේවායේ ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.  අලිමංකඩ -  ලුණු සමාගමේ පසුගිය වස‍රේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5211 ක්.  නව අගය එකතු කිරීමේ  ව්‍යාපෘතිය යටතේ පාරිභෝගිකයන්ගේ මේස ලුණු අවශ්‍යතාව සපුරාලීම සඳහා පැයට මෙට්‍රික් ටොන් 5 ක ධාරිතාවයෙන් යුත් මේස ලුණු යන්ත්‍රාගාරයක් අලිමංකඩ දකුණු ‍ලුණු ලේවායේ ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම ලේවායෙන් ලැබෙන මූල්‍ය ප්‍රගතියෙන් කොටසක්  සේවකයන්හට ලබා දීමට  බලා‍පොරොත්තු වන බව,  රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

    Latest News