නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මකයි. සුදුළුණු කිලෝවක් රුපියල් 60කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි කිලෝවක නව මිල රුපියල් 490ක්. පාන් පිටි කිලෝවක් රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ, රුපියල් 320ක්. හාල්මැස්සන් කිලෝවක් පහළ දමා ඇත්තේ, රුපියල් 50කින්.
ඒ අනුව ලංකා සතොස මගින් හාල්මැස්සන් කිලෝවක් අලෙවි කෙරෙන්නේ, රුපියල් 1,450කටයි. කඩල පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 30කින් අඩු කර තිබෙනවා. සුදු සීනි කිලෝවක් රුපියල් 15කින් සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5කින් අඩු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.