ශ්‍රී ලාංකික විද්‍යාඥයින් 38 දෙනෙකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ 2% අතරට...

ඔක් 19, 2022

    ශ්‍රී ලාංකික විද්‍යාඥයින් 38 දෙනෙකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ 2% අතරට ඇතුළත්ව තිබෙනවා.

    ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්‍ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. ලොව පුරා විද්‍යාඥයින්ගේ ප්‍රකාශනවල ප්‍රබලතාව විදහාපාන සී ස්කෝ මත මෙම වර්ගීකරණය සිදු කර තිබෙනවා.

    විෂය 176 ක් පුරා විහිදී ගිය විද්‍යාඥයින් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. ශ්‍රී ලාංකික විද්‍යාඥයින් වන මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, එස් ඒ එම් කුලරත්න, ජනක ද සිල්වා, නීලිකා මලවිගේ, කමනි මෙන්ඩිස් යන මහාචාර්යවරුන් ‍ඒ අතර වනවා.

    රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්වරයා වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට ඇතුළත්. අද පාර්ලිමේන්තුවේදී ඔවුන්ට සුබපැතුම් පිරිනැමුණා.

    Latest News