වව්නියා‍ව සහ අනුරාධපුර ගම්මාන කිහිපයක ජනතාවට වන අලින්ගෙන් පීඩා...

ඔක් 22, 2022

    වව්නියා‍ව සහ අනුරාධපුර ගම්මාන කිහිපයක ජනතාවට වන අලින්ගෙන් පීඩා එල්ලවී තිබෙනවා.

    ගම්වාසීන් පවසන්නේ තම දේපළ රැසකට හානී සිදුව ඇති බවයි. අනුරාධපුර තඹුත්තේගම සමන්එළිය ගම්මානයට, අලි රංචුවක් කඩා වැදී ඇත්තේ අද අලුයම් කාලයේදී. බෝග වගා රැසකට සහ නිවාස කිහිපයකට වන අලින්ගෙන් හානී සිදුවූ බව, ගම්වාසීන් පවසනවා. මෙම රංචුවේ අලින් 16 දෙනෙකු සිටින බවයි, වාර්තා වන්නේ. වන අලි ගැටලුවට යෝග්‍ය විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියා. වව්නියාව කුඩාකච්චකොඩිය ගම්මානයට ද වන අලි රංචුවක් කඩා වැදී ඇති අතර එහි ගෙවතු රැසක් ද විනාශ කර ඇති තිබෙනවා.

    Latest News