ආර්ථික අපහසුතා මගහරවා ගැනීමට සබන් නිපදවන පොලොන්නරුවේ පාසල් සිසුන්...

ඔක් 22, 2022

    පවතින ආර්ථික අපහසුතා හමුවේ පොලොන්නරුව දිස්ත්‍රිකයේ ඇතැම් පාසල් අඩු පිරිවැයක් යටතේ සිදු කළ හැකි ව්‍යපෘති ගණනාවක් ක්‍රියාවට නංවා තිබෙනවා.  

    ඒ, එම විද්‍යාලයීය දරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන්. දෛනික භාවිතයට අවශ්‍ය සබන් නිෂ්පාදනය කිරීමට පොළොන්නරුව මැදිරිගිරිය මහින්ද මහා විද්‍යාල‍යේ ගුරුවරුන් සහ දරුවන් කටයුතු කර තිබෙනවා. එම නිෂ්පාදනවල වෙළඳපොල මිල ඉහළ යාම නිසා මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ බවයි, විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය මැදිරිගිරියේ ශාසනරතන හිමියන් පවසන්නේ. බාහිර පරිසරයෙන් අඩු පිරිවැයක් යටතේ ලබා ගත හැකි අමුද්‍රව්‍ය මෙම සබන් නිෂ්පාදයට  යොදා ගැනෙනවා. මීට සමගාමීව විෂබීජ නාශක දියර සැකසීම  හා මල්පෝච්චි සහ කොම්පොස්ට් පොහොර නිෂ්පාදය ද,  ක්‍රියාත්මකයි.

    Latest News