සැප්තැම්බර් උද්ධමනය 73.7% ක්...

ඔක් 22, 2022

    ඉකුත් සැප්තැම්බර් මස ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 73.7 ක් බව,  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තාමේන්තුව පවසනවා.  

    එය අගෝස්තු මස වාර්තා වී තිබුණේ, සියයට 70.2 ක් ලෙසයි. සැප්තැම්බර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 85.8 ක් වන අතර, එය අගෝස්තු මස සියයට 84.6 ක් ලෙස වාර්තා වී තිබුණා‍. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 62.‍8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය  අගෝස්තු මස සියයට 57.1 ක් ලෙස පැවතුණා.

    Latest News