ඩිෆෙන්ඩර් රථ අනතුරකින් යුධ හමුදා කපිතාන්වරයෙකු මරුට...

ඔක් 22, 2022

    අද (22) අළුයම වැලිකන්ද පොලිස් වසමේ සිංහපුර - වැලිකන්ද මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදී යුධ හමුදා ඩිෆෙන්ඩර් රථයක් රියදුරුට පානයක කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුරක් සිදුවී ඇත.

    අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ඉදිරි අසුනේ ගමන්ගත් යුධ හමුදා කපිතාන්වරයෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය කපිතාන්වරයා වයස අවුරුදු 28ක් වූ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් රියදුරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති අතර වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

    Latest News