ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක්

මාර් 22, 2019

    ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ඊයේ (21) අනුමත කෙරිණ.

    ඒ ඡන්ද විමසීමකින් තොරවයි.

    ඒ අනුව, මානව හිමිකම් සම්බන්ධයෙන් වන කරුණු ඉටු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට තවත් වසර 02ක කාලයක් හිමිවිය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට බි‍්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු අයර්ලන්තය, මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකම සහය හිමි විය. ඒ සඳහා ශ‍්‍රී ලංකා රජය සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇත.

    Latest News